මේ මල් පිපුනෙ නුබගේ නමින්....


නිලඹර අරණේ

කවුළු දොරෙන්

හිමිදිරි උදයේ වඩිනා 

හිරු කිරණෙන්

පිනිදිය රැඳුණු 

තණ බිස්ස මතින්

මේ මල් පිපුනෙ 

නුබගේ නමින්....


ලා දම් කුඩයේ 

සෙවණ යටින්

එනවිට දැනුනේ 

දෙව්දුවක ලෙසින්

නෙත් මත රැඳුනේ 

නුබේ සිනාවකින්

පිපුනෙ ආලේ මල් 

නුබගේ නමින්..


~අබේ.

0 Comments

follow me on instagram.....

@abey.blog | @mahelanabey