13 දවස අමතක කරන්න එපා.

 


You have 2 missed call.

ෆෝන් එකේ notification එකක්..

+ හායි, ඇයි කෝල් කරේ, හදිස්සියක්ද ?

- හවස කොෆි එකක් බොන්න යමුද ?

+ අද ටිකක් විතර බිසී, කමක් නෑ ඒත් එන්නම්, කොහෙටද ?

- එහෙනම් අතෙන්ට ඇවිත් ඉන්න. වෙලාව දන්නවනේ ඔයා.

+ හරි....

මගහැරෙනවූවන්ගෙ අහඹු හමුවීම් මෑත කාලයේ සුලබ බව මට වැටහෙමින් පවතින කාලෙක, නැවත හමුවීම අපේක්ෂා නොකරන මෙ හමුව සුපුරුදු වෙලාවට සුපුරුදු තැන දින මාස ගෙවිගිය පසු නැවත පුරුදු හමුවිමක් වීමම අපූරුවකි....

+ කොහොමද, මොකද එක පාරට මතක් උනේ ?....

- ටිකක් කතා කරන්න හිතුනා....

+ ඉතින් මොනවාද කතා කරන්න හිතුනෙ....

- මොනවා හරි ඔඩර් කරලා ඉමුනේ...

+ පුරුදු දේ ඔඩර් කරා.. කැෆේ ලටේ ඇන්ඩ් මෆින්... ඔයා කැමතිම දේ...

- තමත් මතකයිනේ.... මං විතරක් නෙවෙයි ඔයත් කැමතිනෙ..

+ ඔව් පුරුදු උන දෙවල් අමතක කරන්න බැනේ. කැමැත්තට වඩා මං හිතන්නේ පුරුද්ද කියලා...

- ඉතින් ඔයාගෙ අලුත් ඔෆිස් ලයිෆ් එක කොහොමද... ලස්සන ගෑනු ළමයි එහෙම ඇතිනේ... දැන් ඉතින් කෙනෙක් නැද්ද...

+ මේ අවුරුදු දෙක පුරාවට ලෝකෙ කොයි අතට පෙරලුනත් මගේ හිත පෙරලන්න බැනේ... ඔයා මං ගැන දන්නවා කියල මං හිතනවා....

'සර් ඔයාලගේ ඔඩර් එක...'

කෝපි කෝප්පයක් අතට හමුවුණාම කෝපි සුවඳ විදින එක තමයි මගේ පුරුද්ද. සුපුරුදු විදිහට මම කොෆි සුවද ආග්‍රහනය කරයි.. කෝපි ගේන මත් බව ඇල්කොහොල් වලටත් වඩා වැඩියි...

+ කෝ තාම කිව්වේ නැනේ ඇයි මෙ එකපාරටම හම්බෙන්න ඔනේ කිව්වේ කියලා..

"පොඩ්ඩක් ඉන්නකෝ."
කියමින් එයා බැග් එකෙන් ඕෆ් වයිට් කවර් එකක් අරන් මගෙ අතට දෙන ගමන්...

- මේක ඔයාට.

+ මොකක්ද මේ...

- ඉන්විටෙෂන් එක. ඔයා අනිවාරෙන්ම එන්න ඔනෙ.. මම බලාගෙන ඉන්නෙ එදට ඔයා එනකම්.. ඔයාව හම්බවෙලාම දෙන්න ඕනේ උනා...
ඔයා එනවා නේද?

+ හරි මම එන්නම්... එයා මං ගැන දන්නවද?

- ඔව් එයා දන්නවා.. ඔයා මගෙ හොදම යාලුවා කියලා....

+ හොදම යාලුවා?

- ඔව්...

+ ඔයා හිතනවද ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි කියලා...

- හ්ම්ම්

කතාව ඔහොම ටික ටික දිග්ගැස්සෙනවා.....
.
.
.

+ ඉතින් වෙඩින් එකෙ වැඩ එහෙම කොහොමද... එ දවස් වල කිව්වා වගේ කැන්ඩියන් ද? ..

- ඔයාට එ හැමදේම මතකයි නේ..

+ කලින් උත්තරේම තමා දෙන්න තියෙන්නෙ...

මේ කතාව අතරේ එයාගෙ ෆෝන් එකට මැසේජ් එකක් එනවා,
ෆෝන් එකේ screen එක දිහා බලලා.

- මල්ලී වෙලාව 4.30යි.. අයියා එයි මාව ගන්න. මන් කිව්වේ පැයකින් එන්නම් කියලා.. මං එදාට ඔයා එනකම් බලාගෙන ඉන්නවා.. අනික එ දවස් වල උන දෙවල් දැන් ඔයා අමතක කරලා.. ඔයා හීන මවපු කෙනව හොයා ගන්න ඔනේ... අලුතින් පටන් ගන්න.. මම දන්නවා ඔයාට බැරි නෑ..

+ හ්ම්ම්...

- මම යන්නම් පරිස්සමින් යන්න.. 13 දවස අමතක කරන්න එපා....


~ අබේ.

0 Comments

follow me on instagram.....

@abey.blog | @mahelanabey