තනි තරුවක්
මග කියන
සීතල ජෙරුසලමේ,
ජුදෙව්වන්ට
කිරුළු පළදින්නට
උපන් කුමරු
නමදින්න
යන ගමනේ,
තරුවට පාර
වැරදිලා මන්දා
ඇවිත් නැවතුණේ
බෙත්ලෙහෙමේ
ගව ලෙනක නේ,
කන්‍යාවකගේ කුස
ජනිත වූ කුමරෙකි
ගව ඔරුවේ.
රන් ද, තුවරලා,
ගන්ධරස පුදා
ආචාර හිස නමා
බැලුවෙමි ඒ බිළිඳු
ඇස් දිහා.......
අහෝ පුදුමයකි....
මේ නම් අරගලකරුවෙකි,
ජූදාවට විප්ලවවාදියෙකි,
නාසරතයේ රස්තියාදුකාරයෙකි,
මෝසෙස්ගේ නීති බිඳ
අසීමාන්තිකව ප්‍රේම වපුරන
ප්‍රේමවන්තයෙකි,
දෙවිඳුන්ගෙ පුත් නොව
මනුදම් පිරි
සැබෑ මිනිසෙකි....
~ අබේ.
0 Comments