අවසන් මුණගැසීමක්...




අඳුරු සෙවණැලි

සැරිසරන ගොම්මනේ

ළයට තුරුලු කර
 
ලිලී මල් කලඹක්

ස්මාරක පාමුල

සුසාන අවකාශයේ

හිස් වාතලයට

ඇය මුමුණාවී
 
ගීතිකාවක්..

ඇස් අග්ගිස්සෙන්
 
ගිලිහි විත්

කඳුළු බිඳු කැටයක්
 
නිවාලන්නට වෙර දරයි

හදේ ගැඹුරුම තැන
 
ඇති ගින්නක්...

නික්ම ගිය ද

මිය නොයන ප්‍රේමයක

අවසන් මුණගැසීමක්.....


~ අබේ.

0 Comments

follow me on instagram.....

@abey.blog | @mahelanabey